Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉල්ලීමක්

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉල්ලීමක්

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉල්ලීමක්

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාගෙන වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ ක්‍රමවේදය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

දේශීය නිෂ්පාදකයින් නිපදවන ඖෂධ 15 ක් ඍජුව මිලදී ගැනීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන 500ක් ඉතිරි කරගැනීමට හැකි බව එම සංගමය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුවත් කර තිබේ.

දේශීය නිපදවන ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා සැපයීමේදී නිෂ්පාදකයන්ට අමතර මුදලක් දැරීමට සිදුවන බවත් ඒ හේතුවෙන් එම ඖෂධ මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයට වැඩි මුදලක් ගෙවීමට සිදුවූ බවත් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය අමාත්‍යවරයා දැනුවත් කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

Exit mobile version