Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිලියන 17ක කොකේන් සමඟ විදේශිකයෙක් රේගු භාරයට

මිලියන 17ක කොකේන් සමඟ විදේශිකයෙක් රේගු භාරයට

මිලියන 17ක කොකේන් සමඟ විදේශිකයෙක් රේගු භාරයට

ශ්‍රි ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් (13) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි Brazil සිට පැමිණි මැසිඩෝනියානු ජාතිකයෙක් සැකකටයුතු හැසිරීම මත නවතා පරික්ෂා කර තිබෙයි.

එහිදී ඔහුගේ ගමන් බෑගයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් යන මත්ද්‍රව්‍ය 350g සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත. මෙම සැකකරු කටාර් ගුවන් සේවයට අයත් QR664 දරණ ගුවන් යානයෙන් උදෑසන 8.30 පමණ ලංකාවට පැමිණ ඇති බව අනාවරණය වී තිබෙයි. සොයා ගන්නා ලද කොකේන් පැකට් හතරකට දමා සුප් පැකට් ආකාරයට අසුරා තිබී ඇත‍.

මෙම කොකේන් වල වෙළෙඳපොළ වටිනාකම මිලියන 17 පමණ ආසන්න වන බව තක්සේරු කර තිබෙයි. සැකකරුගේ වයස 54 පමණ වන අතර ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම අවස්ථාව මෙය වෙයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ විසින් අංශය විසින් සිදුකරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Exit mobile version