Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඓතිහාසික ගිවිසුමක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් ඓතිහාසික ගිවිසුමකට

එක්සත් ජාතීන්ගේ සංවිධානය සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් ඓතිහාසික ගිවිසුමකට

එක්සත් ජාතීන්ගේ සංවිධානය සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් වූ ඓතිහාසික එකඟතාවකට එළඹ තිබේ.

එනම් 2030 වසර වනවිට මහ මුහුදෙන් 30%ක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගිවිසුමක් අත්සන් කර ඇත.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැය 38ක සාකච්ඡාවකින් අනතුරුව රටවල් රැසක් මෙම එකඟතාවයට කැමැත්ත පළකර ඇත.

සාගර සංරක්ෂණය සම්බන්දයෙන් අවසන්වරට ගිවිසුමක් අත්සන් කළේ 1982 වසරේදී ය.

සාගර ජීවීන් සම්බන්ධයෙන් එමෙන්ම සාගරය ආශ්‍රිත පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් 2030 වසර වනවිට ආරක්ෂිත පියවර ගැනීම මෙම නව ගිවිසුමේ අරමුණ වේ.

Exit mobile version