Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රසායනික පොහොර තහනමෙන් කෝටි 24500ක පාඩුවක්

රසායනික පොහොර තහනමෙන් කෝටි 24500ක පාඩුවක්

රසායනික පොහොර තහනමෙන් කෝටි 24500ක පාඩුවක්

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

සෑම ගොවි මහතකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද(සියයට 36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද (සියයට 30කින්) පහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරළ මහතා කීවේය.

ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහ හත් ලක්ෂ පනස් හය දහස් හය සිය අනූ එකකි.

මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16ක පමණ පහළ යෑමක් බවද ප්‍රකාශ කළේය.

– lankadeepa

Exit mobile version