Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩො. මි 400ක විනිමය හුවමාරු පහසුකමක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩො. මි 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩො. මි 150ක්

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සහ සහ ඖෂධ ආනයනය වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදෙනු ඇති බවය.

එම මුදල මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 03ක් වෙත ප්‍රදානය කිරීමට නියමිත බවද IFC ආයතනය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු විනිමය හිඟය විසදා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමේ අරමුණින් මෙම මූල්‍ය පහසුකම ලබා දෙන බවද ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය ප්‍රකාශ ක‍‍‍ළේය.

Exit mobile version