Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලර් සෙවීමට ඔස්ට්‍රේලියාවේ අලිගැටපේර විශේෂයක් ලංකාවේ වගා කිරීමට යයි

ඩොලර් සඳහා ඔස්ට්‍රේලියාවේ අලිගැටපේර විශේෂයක් ලංකාවේ කෘෂි කාර්මික වගාවක් ලෙස

ඩොලර් සඳහා ඔස්ට්‍රේලියාවේ අලිගැටපේර විශේෂයක් ලංකාවේ කෘෂි කාර්මික වගාවක් ලෙස

රටට ඩොලර් ඉපැයීම සඳහා HASS නැමැති අලිගැටපේර විශේෂය ලංකාවේ කෘෂි කාර්මික වගාවක් ලෙස පුළුල් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගා සංවර්ධන කටයුතු කෙරෙයි. අලිගැටපේර ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන තිබේ.

මෙම අලිගැටපේර විශේෂයේ පැළ ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර ඇත.

HASS නැමැති අලිගැටපේර ප්‍රභේදයෙ විශේෂත්වය වන්නේ එය පළතුරක් වශයෙන් මෙන්ම බටර් පැහැති මදය උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන සෞඛ්‍යට හිතකර අලිගැටපේර තෙල් සඳහා ජාත්‍යන්තර වෙළෙද පොළේ විශාල ඉල්ලුමක් පැවතීම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ වගාව කළ හැකි පවුල් 1000ක් පමණ තෝරා ගෙන ඇති අතර ඔවුන්ට HASS අලිගැටපේර විශේෂය වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, පැළ හා මුල්‍ය ආධාර සියල්ලම සපයන බව අමාත්‍යාංශය කියයි.

වසර තුනකින් මෙම වගාවෙන් ආදායම් උපයා ගත හැකි අතර එක් ගසකින් අලිගැටපේර කිලෝග්‍රෑම් 200ක අස්වැන්නක් ලබා ගත හැකිය.

Exit mobile version