Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා භාෂා 7 කින් ක්‍රියා කළ හැකි ජංගම දුරකතන යෙදුමක්

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට 5වන ස්ථානය

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට 5වන ස්ථානය

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා එළඹෙන පළමු වැනිදා සිට ජංගම දුරකතන යෙදුමක්(මෘදුකාංගයක්) දියත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.

මෙම ජංගම දුරකතන මෘදුකාංගය භාෂා 7 කින් ක්‍රියා කළ හැකි බවත් කලාපයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන හොඳම ජංගම දුරකතන මෘදුකාංගය බවට මෙය පත්වන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

මෙම මෘදුකාංගයේ ත්‍රී රෝද රථ ලියාපදිංචි කර කේතයක් එම රථ සඳහා ලබා දෙන බවත් සංචාරකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවකදී එම කේතය ස්කෑන් කර උදව් ඉල්ලා සිටිය හැකි බවත් ප්‍රනාන්දු මහතා පෙන්වා දී ඇත.

එපමණක් නොව මෙම ජංගම දුරකතන මෘදුකාංගය වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මකවන ඇමතුම් මධ්‍යස්ථානයක් තිබෙන බවත් පොලිසියට මෙම මෘදුකාංගය නිරීක්ෂණය කරමින් අවශ්‍ය වූ විට ක්‍රියා මාර්ග ගැනීමට හැකියාව පවතින බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

Exit mobile version