Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් බොරතෙල් තොග පවතිනවා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

අප්‍රේල් මාසය වන තුරු තමන් සතුව ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිට දිනකට සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන බැරල් 30,000ක් පමණ පිරිපහදු කර නිකුත් කරන බවයි.

රුපියල් මිලියන 800ක ඉන්ධන තොග ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ඔහු සඳහන් කළේය. එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, එම ඉන්ධන තොග සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පසුව මුදල් ගෙවන බවයි.

නැප්තා, ඩිසල් සහ තවත් ඉන්ධන වර්ග කිහිපයක් විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදෙනු ලබයි.
අතිරික්ත පිරිපහදු ඉන්ධන තොග ගබඩා කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එම ප්‍රකාශකයා පැවසුවේ, ගබඩා කරන පිරිපහදු ඉන්ධන තොග නැව් මගින් ත්‍රිකුණාමලය තෙල්ටැංකි සංකීර්ණයට යොමු කිරීමට නියමිත බවයි.

Exit mobile version