Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාම යෝජනා බාර දුන් රාජ්‍ය සේවකයන්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් රැකියවට යාමට නොහැක

ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව

ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව

වැටුප් රහිත නිවාඩු ලබා පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් යනතුරු රැකියවට යාමට නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.

මැතිවරණය කල්ගිය හොත් නාම යෝජනා බාරදුන් දිනයේ සිට මාස තුනක් ගතවන තෙක් එම අපෙක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බවද එහි සඳහන් වේ.

නාම යෝජනා බාරදී මාස තුනක් ගත වූ පසුව රජයේ සේවකයන්ට නැවත තමන් හිටපු සේවා ස්ථානයට වාර්තා කළ හැකි බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ සේවකයන් 3000කට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදී ඇත.

Exit mobile version