Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රීඩා අමාත්‍යාංශයේ රු. මි 39කට අධික මුදලක් අවභාවිත කිරීමට අදාළව චමින්ද හර්ෂජිත්ට වරෙන්තු

ක්‍රීඩා සංගම් නිලවරණ ගැන ගැසට් නිවේදනයක්

ක්‍රීඩා සංගම් නිලවරණ ගැන ගැසට් නිවේදනයක්

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව නඩුවේ පළමු සැකකරු වන චමින්ද හර්ෂජිත් යන අයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවේනුයි මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු වෙළඳ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එවකට සතොස ආයතනයේ සභාපතිවරයාව සිටි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

වැඩිදුර නඩු විභාගය ලබන ජුනි මස 28වනදා පැවැත්වීමට නියමිතයි.

Exit mobile version