Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෘහස්ථ විදුලි නව සැපයුම් 36,000ක් සහ බල්ක් සැපයුම් 1200ක් දීමට නොහැකිව ගොඩගැසිලා

ගත වූ මාස 10තුළ විදුලි පාරිභෝගිකයින් 7,88,235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවලා

ගත වූ මාස 10තුළ විදුලි පාරිභෝගිකයින් 7,88,235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවලා

උපකරණ හිඟය හේතුවෙන් ගෘහස්ථ විදුලි නව සැපයුම් 36,000ක් සහ බල්ක් සැපයුම් 1200ක් දීමට නොහැකිව ගොඩගැසී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා (16) පැවසීය.

ට්‍රාන්ස්ෆෝමර්, වයර් සහ මීටර් (මනු) ආදි විදුලි සැපයුම දීමට අවශ්‍ය උපකරණ රැසක් ගෙන්වීම සඳහා බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙම තත්වය උදාවී ඇති බවත් ඉදිරි මාස තුළ ගෘහස්ථ විදුලි සැපයුම් 36,000 දීමට උත්සහ කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.

බල්ක් සැපයුම් 1200 කර්මාන්ත වියහැකි බවත් එය ලබාදීමට නොහැකි වීම රටේ නිෂ්පාදනයට බලපෑමක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version