Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය සම්භවයක් සහිත “නිකී හේලි” 2024 අමෙරිකා ජනාධිපතිවරණයට

ඉන්දීය සම්භවයක් සහිත "නිකී හේලි" 2024 අමෙරිකා ජනාධිපතිවරණයට

ඉන්දීය සම්භවයක් සහිත "නිකී හේලි" 2024 අමෙරිකා ජනාධිපතිවරණයට

අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරියක වන “නිකී හේලි” 2024 අමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව, නිවේදනය කරයි.

ඒ අනුව, හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් වෙමින් ඇය, රිපබ්ලිකන් පක්‍ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇත.

“නිකී හේලි” 51 හැවිරිදි වියේ පසුවේ. ඇය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරියක ලෙසද ක්‍රියා කළ අතර,එරට දේශපාලනය තුළ කැපීපෙනෙන චරිතයකි. “නිකී හේලි” කලක් ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ සේවය කළද, මේ වන විට ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා ලෙස ඇය ජනාධිපතිවරණයට තරග කිරීම කැපීපෙනෙන කරුණක් වේ. පසුගිය 2021 වසරේ දී ඇය කියා සිටියේ, ට්‍රම්ප්ට අභියෝගයක් වීමට බලාපොරොත්තු නොවන බවයි.

නව පරම්පරා‍ වෙනසක් අවශ්‍ය බව පවසමින්, ඇය ජනාධිපතිවරණයට තරග කරන බව, නිල වශයෙන් නිවේදනය කර තිබේ. ‍

මේ අනුව, “නිකී හේලි” සැලකෙන්නේ, අමෙරිකානු ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් වන තුන් වැනි ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවා ලෙසයි.

Exit mobile version