Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය

රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය

රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය

පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන්, වෛද්‍ය නිර්දේශවලට යටත්ව රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට රජයේ රෝහල්වල ඖෂධ 140ක පමණ හිඟයක් පවතින බවත්,
මේ වනවිට ඊට අදාළ ඇණවුම් ලබා දී ඇති බවය.

ඉන් ඖෂධ වර්ග 40ක් පමණ ලබන සතියේ ලැබීමට නියමිත බවත් ඒ අනුව ලබන මාසය වනවිට පවතින ඖෂධ හිඟය 75% – 80 % කින් මග හැරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Exit mobile version