Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කරන්න රාජ්‍ය අනුග්‍රහය

ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කරන්න රාජ්‍ය අනුග්‍රහය

ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කරන්න රාජ්‍ය අනුග්‍රහය

ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමටත්, එය ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

(09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත 28වන ග්‍රන්ථය ලෙසයි මෙම ග්‍රන්ථය එළිදැක්වුණේ.

එමෙන්ම මෙම ග්‍රන්ථය ග්‍රන්ථ 7කින් සමන්විත වූ අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වනවා.

Exit mobile version