Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි

හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි

හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට (07) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේ, අනතුරුව සැකකරු රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවට පෙනී සිටින ලෙස දන්වා අධිකරණය විසින් නිකුත් කළ නොතීසි නියෝග අනුව ඔහු (07) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

විත්තිකරුට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසටද නියෝග කළේය.

එමෙන්ම ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සරණ ගුණවර්ධන මහතා එම මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමට අදාළව මෙම නඩුව පවරා තිබේ. අදාළ ක්‍රමවේද අනුගමනය නොකිරිමෙන් රජයට රුපියල් ලක්ෂ 9කට ආසන්න අලාභයක් සිදු කලේ යැයි චෝදනා එල්ලවිය.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මැයි 4වෙනි දින කැඳවීමට නියමිතයි.

Exit mobile version