Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනයක්

නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය

නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් (Poj Harnpol) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.

නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා පැවසූයේ බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණයින් පවා චිත්‍ර ප්‍රදර්ශනයට දායක වූ බවත්ය.

පසුගිය 04 වනදා ආරම්භ වූ මෙම චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 වනදා දක්වා පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.

Exit mobile version