Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ දමයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ දමයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ දමයි

ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය 9% සිට 15% දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇත.

ලංකා බැංකුව සහ මහජන බැංකුවද ජනවාරි මාසයේ සිට ණය පොලී අනුපාතය ඉහළ නැංවීමට කලින් තීන්දුවක් ගෙන තිබූ අතර වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හේතුවෙන් එය නතර කර තිබේ.

Exit mobile version