Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 6ක තරග තහනමක්

හිටපු කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 6ක තරග තහනමක්

හිටපු කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 6ක තරග තහනමක්

හිටපු දකුණු ආසියානු කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 6ක තරග තහනමක් පැනවෙයි. ඔහුට එල්ල වූ චෝදනා සියල්ලටම වැරැදිකරු වී ඇති අතර, 2021 ඔක්තෝබර් 26 සිට 2027 ඔක්තෝබර් 25 දක්වා මේ තරග තහනම බලපැවැත්වේ.

හිමාෂ ඒෂාන්ට තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල වූයේ යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේදී වන අතර, එහිදී හිමාෂගේ දස්කම් කැපී පෙනන ලෙස ඉහළ ගියේය. පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.34ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වූ අතර, ඔහුගේ එම කාලය සුළඟේ වේගය ඍණ අගයක්ව තිබියදී වාර්තා කිරීමද කැපී පෙනුණි.

යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව හිමාෂ නියෝජනය කළ කාලතුවක්කු රෙජිමේන්තුවට හිමි වූ බැවින් ඔහු වරදකරුවූ බැවින් එම රෙජිමේන්තුවට ශූරතාව අහිමි වීමේ අවදානමක්ද මතුව තිබේ.

Exit mobile version