Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුතුරාජවෙල රක්ෂිතයට අදාළ මායිම් සලකුණු කිරීමට රජයට මාස 3ක කාලයක්

මුතුරාජවෙල රක්ෂිතයට අදාළ මායිම් සලකුණු කිරීමට රජයට මාස 3ක කාලයක්

මුතුරාජවෙල රක්ෂිතයට අදාළ මායිම් සලකුණු කිරීමට රජයට මාස 3ක කාලයක්

මුතුරාජවෙල රක්ෂිත ප්‍රදේශයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු නිමකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් (27) රජයට මාස 3ක කාලයක් ලබාදී ඇත.

මුතුරාජවෙල රක්ෂිත කලාපය තුළ නීතිවිරෝධී ක්‍රියා සිදුවන හෙයින් එය සුරක්ෂිත කිරීම සඳහා මායිම් සලකුණු කොට අවශ්‍ය පියවර ගන්නා මෙන් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් 2ක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එම පෙත්සම් ඉදිරිපත් කළ තිබුණේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවා තිබුණි. එහිදී රජයේ නීතිඥවරිය සඳහන් කළේ මුතුරාජවෙල කලාපයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු තවමත් අවසන් කර ගැනීමට නොහැකි වූ බවය.

ඒ සඳහා කාලය ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ කාර්යය ඉටුකිරීම සඳහා කල් ලබාදෙමින් පෙත්සම් නැවත මැයි 22 වනදා කැඳවන ලෙස නියම කළේය.

මෙම පෙත්සම් විභාගයේ දී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සීදුව-කටුනායක මහ නගර සභාව විසින් කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව මුතුරාජවෙල කලාපයට කැලිකසල බැහැර කරන බව අධිකරණය හමුවේ අවධානය යොමු කළේය.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ඔහු නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version