Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඡන්ද දායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු වැය කළ හැකි මුදල රුපියල් 15ක්

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව ප්‍රකාශයට

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව ප්‍රකාශයට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු වැය කළ හැකි මුදල රුපියල් 15ක් බවට (24) තීරණය වුණා. ඒ නාම යෝජනා භාරදුන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවේදීයි. පවතින පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ යෝජනාවටද මෙහිදී එකඟත්වය පළ වුණා.

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දුන් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින්ට සාකච්ඡාවක් සදහා (24) දිනයේ පැමිණෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී තිබුණා. ඒ අනුව සාකච්ඡාව (24) පෙරවරු 10ට පමණ පවැත්වුණේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. සභාපතිවරයා සහ තවත් සාමාජිකයෙකු සාකච්ඡාවට සහභාගී වූ අතර කොමිසමේ සාමාජිකයින් 3ඊට සහභාගී වූයේ සූම් තාක්ෂණය ඔස්සේයි. එහිදී මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එක් ඡන්ද දායකයෙකු සදහා රුපියල් පහලොවක මුදලක් වැය කිරීමට මෙන්ම පක්ෂයක් ලෙස සියයට 60ක මුදලක් පමණක් වැය කිරීමට සියලු දෙනා මෙහිදී එකගවුණා. එමෙන්ම පවතින පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ යෝජනාවද මෙහිදී සම්මත වී තිබෙනවා.

Exit mobile version