Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේපල අහිමි වූ මන්ත්‍රීවරුන් වන්දි මුදල කඩිනමින් ඉල්ලයි

දේපල අහිමි වූ මන්ත්‍රීවරුන් වන්දි මුදල කඩිනමින් ඉල්ලයි

දේපල අහිමි වූ මන්ත්‍රීවරුන් වන්දි මුදල කඩිනමින් ඉල්ලයි

අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීම තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ හානිපූර්ණ කාර්යාලයේ ප්‍රමාදය නිසා තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වේ.

අරගලයට සම්බන්ධවූ සහ ඊට ආශීර්වාද කළ මේ ආයතනවල ඇතැම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සිදුවූ හානි ද්වේශ සහගත ලෙස අඩුවෙන් තක්සේරු කර වාර්තා ලබාදීම නිසා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට බාධා මතුව ඇතැයිද දැනගන්නට ඇත.

ඉහත සඳහන් කළ ආයතන වල ප්‍රමාදයන් නිසා මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම පමාවී ඇති බව මේ කටයුතුවලට සම්බන්ධ ආණ්ඩුවේ නිලධාරීහු ආණ්ඩුපක්ෂ රැස්වීමේදී පසුගියදා අනාවරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුළු සියයකට ආසන්න පිරිසකගේ කෝටි ගණනක නිවාස ඇතුලු දේපළ පසුගිය වසරේ මැයි මාසයේදී සිදුවූ අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්විය.

දේපල අහිමි වූ මන්ත්‍රීවරුන්ට කොළඹ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇතත් ඒවා ලබා දී ඇත්තේ වසරක කාලයකට පමණි. නිවාස අහිමි වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඥාති මිත්‍රයන්ගේ නිවෙස්වල තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.

අහිමිවූ නිවාස වෙනුවෙන් තමන්ට තවමත් වන්දි ලැබී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුගියදා පැමිණලි කළහ.

Exit mobile version