Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයට අයවැයෙන් කල්තියා මුදල් වෙන් කර ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ අතර සීනි බදු වංචාවෙන් නැති වූ මුදල්වලින් ඡන්ද දෙකක් කළ හැකි බවත් රටේ මුදල් නැති කළ පිරිස ගෙදර යැවීම සඳහා පළාත් පාලන ඡන්දය අනිවාර්යෙන්ම තැබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

අනුර දිසානායක මහතා මෙසේ පැවසුවේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Exit mobile version