Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර වංචා කිරීම නිසා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 50කගේ සේවය වහා අත්හිටුවයි

කෘෂිකර්ම ඇමතිගෙන් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

කෘෂිකර්ම ඇමතිගෙන් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

ගොවි ජනතාවට රජය විසින් දෙන ලද රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර වංචා කිරීම සම්බන්ධව මේ වන විට චෝදනා එල්ල වී ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 50කගේ සේවය වහා අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මෙවර මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු සම්බන්ධව ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් (18) පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරෙහි කටයුතු කරන නිලධාරීන් ගණනාවකට එල්ල වී ඇති චෝදනා පිළිබඳ කරුණු අනාවරණය විය.

ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් පිරිනමන මේ පොහොර බෙදාහැරීමේදී සිදුව ඇතැයි වාර්තා වන අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ ඇමැතිවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මේ උපදෙස් දී තිබේ.

එමෙන්ම පසුගිය යළ කන්නයේදී ගොවීන්ට වගා කටයුතු සඳහා ඉන්ධන බලපත් නිකුත් කිරීමේදීද කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 300කට පමණ චෝදනා එල්ල වී තිබේ. වී වගා නොකරන ලද ගොවීන්ට පවා බලපත් නිකුත් කර මුදල් ගැනීම මෙන්ම ව්‍යාජ බලපත් නිකුත් කර ඉන්ධන අලෙවි කිරීම වැනි චෝදනා රැසක් ඒ අතර වේ. ඔවුන් පිළිබඳවද ඇමැතිවරයාගේ උපදෙසින් මේ වන විට විනය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Exit mobile version