Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසලා

රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසලා

රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසලා

රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022 වසරේ දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසා ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

මාස හයක් ඇතුලත වඳුරන්, රිලවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම හානිය පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයකින් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 2500- 3000ත් අතර පවතී. නියඟය, වනසතුන්ගෙන් වන හානි හා වෙනත් වසංගත තත්ත්වයන් නිසා මෙම අස්වැන්නෙහි යම් යම් විචලනයන් සිදුවේ.

එසේ වුවද මෙරට පොල් වගාවට වැඩිම හානිය සිදු කරනුයේ රිළව්, වඳුරන් හා දඬුලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. ශ්‍රී ලංකාවේ ගොවිජන හා වනසත්ව ගැටුම සම්බන්ධව එම ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව 2022 වසරේ දී ජනවාරි සිට ජුනි දක්වා මාස හයක් තුළ වනසත්ව හානි හේතුවෙන් වැඩිම අස්වැන්න හානියක් සිදුව තිබෙන්නේ පොල් වගාවටය.

Exit mobile version