Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික වනෝද්‍යානවලදී විදේශ සංචාරකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත්

ජාතික වනෝද්‍යානවලදී විදේශ සංචාරකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත්

ජාතික වනෝද්‍යානවලදී විදේශ සංචාරකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත්

මෙරට ජාතික වනෝද්‍යානවලට විදේශ සංචාරකයින් පැමිණෙන අවස්ථාවලදී ප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා අතිරේක ප්‍රවේශපත් කවුළු විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ දිනවල විදේශීය සංචාරකයින් බහුල වශයෙන් නැවතත් මෙරටට පැමිණෙන බැවින් මෙය ක්‍රියාත්මක කළ යුතු බවත් සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම යාල ජාතික වනෝද්‍යානය මෙන්ම විල්පත්තුව හා වස්ගමුව ජාතික වනෝද්‍යාන සඳහා විදේශ සංචාරක ආකර්ශණය දිනා ගැනීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Exit mobile version