Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන්න හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුගෙන් වන්දි අයකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග

පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා ඇත්තටම මම දන්නවා - මෛත්‍රිපාල සිරිසේන

පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා ඇත්තටම මම දන්නවා - මෛත්‍රිපාල සිරිසේන

සහරාන් හෂිම් ප්‍රමුඛ අන්තවාදීන් කතෝලික දේවස්ථාන හා ආර්ථික මරමස්ථාන ඉලක්කකොට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබි තිබියදිත් ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් පෙත්ම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය (12) තීරණය කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙසත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වූ වන්දියක් ගෙවන ලෙස හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙසත් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මේ සියලු මුදල් එකතු කර එහිදී ඝාතනයට ලක් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් රජය ගෙවිය යුතු බවටත් නියෝග කළ විනිසුරු මඩුල්ල බරපතළ තුවාල ලැබූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවන ලෙසත් නියෝග කර ඇත.

එමෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලත්ත ජයවර්ධන මහතාට මාස 6ක් තුළ වහාම විනය පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග නියම කර තිබේ.

මෙකි කටයුතු වහාම අධීක්ෂණය කර තම අධිකරණයට වාර්තාකරන ලෙස නීතිපතිවරයාට නියෝග කිරීමද කළේය.

Exit mobile version