Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ මහනගර සභාවට අය වියයුතු කෝටි 482ක් තවමත් අය වි නෑ

කොළඹ මහනගර සභාවට අය වියයුතු කෝටි 482ක් තවමත් අය වි නෑ

කොළඹ මහනගර සභාවට අය වියයුතු කෝටි 482ක් තවමත් අය වි නෑ

කොළඹ මහනගර සභාවට අය විය යුතු වරිපනම් බදු, පදික කඩකුලී හා නිවාස කුලී කෝටි 482කට අධික මුදලක් 2021 වසරේ දෙසැම්බර් 31වන විටත් අය වි නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව මෙම හිග ආදායම තුල හිග වරිපනම් බදු 420,20,14,333ක් ද පදික කඩ කුලී 60,23,73,386ක්ද පවතින අතර හිග පදික කඩකුලී වටිනාකම 2021 වසර තුල ලැබූ කඩ කුලී වටිනාකම් මෙන් සියයට 647 ගුණයකි.

වරිපනම් බදු ගෙවිය යුතුව පවතින දේපල අතර රජයේ ආයතත සතු දේපල ඒකක 166ක් පවතින බවද එම ආයතන වලින් අය විය යුතු වරිපනම් බදු මුදල කෝටි 50කට අධික බවද එම වාර්තාවේ සඳහන් වේ.

කෝටියකට අධික වටිනාකමින් යුත් දේපල ඒකක 24කින් අය විය යුතු වරිපනම් බදු කෝටි 44කට අධික මුදලක්ද එම විග න්‍රිපනම් බදු ආදායම තුළ පවතින බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ කොළඹ මහනගර සභාව සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිඅනට සිදුකළ විගණන වාර්තාවෙහිය.

Exit mobile version