Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2021ට සාපේක්ෂව 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන ආදායම 39% කින් ඉහළ ගොස්

2021ට සාපේක්ෂව 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන ආදායම 39% කින් ඉහළ ගොස්

2021ට සාපේක්ෂව 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන ආදායම 39% කින් ඉහළ ගොස්

2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ දී රබර් ආශ්‍රිත අපනයන තුළින් ලද ආදායම 39% කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය 93% කින් පමණ පහල ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

2022 වසරේ මැද භාගය වන විට රබර් මිල සීඝ්‍රයෙන් පහල බැසීම මෙන්ම, දේශීය රබර් ගොවියාට රබර් වෙළඳපලක් නොමැති තත්ත්වයක් උදා වූවා. ඒ අනුව මේ පිලිබඳව සොයා බැලීමේදී අපේ රට රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා රබර් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් අමුද්‍රව්‍ය ලෙස රබර් අපනයනය සිදු කළද එය ප්‍රමාණය ඉක්මවා සිදු කිරීම නිසා මේ ගැටළුව ඇති වී තිබෙන බව හෙලි වූවා.

ඒ අනුව අදාල පාර්ශව එක්ව සකස් කළ වැඩපිලිවෙල මත 2021 දෙසැම්බර් මාසයේදී, අමුද්‍රව්‍යක් ලෙස කළ ආනයනය කළ රබර් මෙට්‍රික් ටොන් 22000ක ප්‍රමාණය 2022 දෙසැම්බර් මස වන විට මෙට්‍රික් ටොන් 1548 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමෙන්ම 2021 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1050 ක්වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයද 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1463 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version