Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

IMF ණය පහසුකම මේ වසරේ මුල් භාගයේදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි

IMF ණය පහසුකම මේ වසරේ මුල් භාගයේදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි

IMF ණය පහසුකම මේ වසරේ මුල් භාගයේදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මේ වසරේ මුල් භාගයේදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
ජනාධිපති නිල නිවසේදී (07) පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රතිචාරය මේ මස අවසන් වීමට පෙර දැනුම්දෙනු ඇති බවත්, ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීනය සමග තවත් වටයක සාකච්ඡාවක් මේ දිනවල ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා ද ඵලදායී ලෙස අවසන් වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වික්‍රමසිංහ මහතා පැවසුවේ, මෙරටට ලබාදී ඇති ණය කපා හැරීමක් පිළිබඳ චීනයෙන් ඉල්ලීමක් කර නොමැති බවත්, අවුරුදු 20ක කාලයක් තුළ ණය නැවත ගෙවීම සඳහා කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවය.

ඒ සඳහා චීනයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහාය සම්බන්ධයෙන් මේ වනවිටත් සාධනීය ප්‍රතිචාර දක්වා ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Exit mobile version