Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික වනෝද්‍යාන නැරඹීමේදී ඩොලර් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම්

යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට

විදේශීය සංචාරකයින්ට ජාතික වනෝද්‍යාන නැරඹීමේදී ඩොලර් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබේ.

ඒ මෙරට ආර්ථිකයට ඩොලර් උපයා දීමේ අරමුණින් වන අතර වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ පළමු අදියර මේ මාසයේ සිට යාල ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ කරන බවය.

මීට සමගාමීව දෙස් විදෙස් සංචාරකයින්ට යාල වනෝද්‍යානයේ පහසුකම් සංවර්ධනය ද ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව නව බංගලා දෙකක් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිතයි.

දහවල් කාලයේදී වනෝද්‍යානය වසා තැබෙන පැය දෙකක කාලයේ සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ගිමන්හලක් ඉදිකිරීමේ කටයුතුද කඩිනමින් අවසන් කරන බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

Exit mobile version