Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉලෙක්ට්‍රොනික තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් විවෘත කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉලෙක්ට්‍රොනික තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉලෙක්ට්‍රොනික තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දෙවන මහළ තුළ ඉලෙක්ට්‍රොනික තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් (New Arrival Electronic Shopping Mall) වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් විවෘත විය.

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි සැල් 34කින් සමන්විත මෙම සාප්පු සංකීර්ණය වර්ග මීටර් 1900 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතින අතර මේ සදහා ගුවන් තොටුපළ සමාගම රුපියල් මිලියන 225ක් ආයෝජනය කර තිබේ.

මෙම සාප්පු සංකීර්ණය විශේෂයෙන් විගමනික ගෘහ සේවිකාවන් ඉලක්ක කර ගෙන ස්ථාපිත කර තිබේ.

මෙම නවතම සාප්පු සංකීර්ණයෙන් මාසිකව ඇමෙරිකානු ඩොලර් 55,000ක මාසික විකුණුම් පිරිවැටුමක් අපේක්ෂා කෙරේ.

Exit mobile version