Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 147 දෙනකුට උපාධිය හැදෑරීමට දුන් ලක්ෂ 126යක් අයකරලා නෑ

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 147 දෙනකුට උපාධිය හැදෑරීමට දුන් ලක්ෂ 126යක් අයකරලා නෑ

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 147 දෙනකුට උපාධිය හැදෑරීමට දුන් ලක්ෂ 126යක් අයකරලා නෑ

රජයේ නිලධාරින් ඇතුළු 147 දෙනකුට පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ලබා දුන් රුපියල් එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි මුදලක් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ මුදල අය කර ගැනීම අවිනිශ්චිතවී ඇත්තේ අයදුම්කරුවන් පාඨමාලා සම්පූර්ණ නොකර අතහැර දැමීම නිසා බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර දේශන පැය ගණන ආවරණය නොකරන ලද දේශකවරුන්ගෙන් 2015 ජූලි මාසයේ සිට 2020 දෙසැම්බර් 31වැනි දින දක්වා අයකරගත යුතු රුපියල් කෝටියකට ආසන්න මුදලක් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන කාර්යාලය පවසයි.

ආයතනයේ කාර්ය මණ්ඩලයට මහ භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව 2020 වර්ෂයේදී රුපියල් ලක්ෂ 32කට වැඩි මුදලක් ගෙවා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

චක්‍රලේඛ ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබූ බවද විගණන අංශ පවසයි.

මේ තොරතුරු සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Exit mobile version