Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහන ආනයනය අත්හිවීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් 50%ක අහිමිවීමක්

වාහන ආනයනය අත්හිටුවා තිබීම නිසා නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එය එම දෙපාර්තමේන්තුවේ ආදායමෙන් 50%ක් පමණ වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

මෙම වසරේ ඉතාමත් සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති බව කී වීරසිංහ මහතා එම වාහනවලින්ද වැඩි ප්‍රමාණයක් රජයේ වාහන බවද සඳහන් කළේය.

මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

Exit mobile version