Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කරොත් බිත්තරයක් රු.30 – 32ට විකුණන්න පුලුවන්

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති යැයි කී ජයවර්ධන මහතා ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට අලෙවි කළ හැකි බවද සඳහන් කළේය.

බිත්තරයක මිල මේ වෙන විට රුපියල් 70ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙම කලු කඩ මිල පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් පියවර ගත යුතු බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.

Exit mobile version