Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලුතින් වාහන ලියාපදිංචි කිරීම හා අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල වෙනසක්

අලුතින් වාහන ලියාපදිංචි කිරීම හා අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල වෙනසක්

අලුතින් වාහන ලියාපදිංචි කිරීම හා අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල වෙනසක්

අලුතින් වාහන ලියාපදිංචි කිරීම හා අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල වෙනසක් සිදු කිරීමට නියමිතව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාත්ත වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කරමින් පවසා සිටියේ, ජනවාරි 01 සිට වාහන අලුතින් ලියාපදිංචි කිරීමේ දී හා අයිතිය හුවමාරුවක දී අංක තහඩුවල පළාත් අක්ෂර ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

එසේම රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින් ඔහු පැවසූවේ, රියදුරු බලපත්‍රය ලබා දීමේ ලකුණු ලබා දීමේ දී ක්‍රමවේදයක් අරඹමින්, රියැදුරන් වෙත ලකුණු 24ක් ලබා දීමට කටයුතු කරන බවයි.

ඉන් අනතුරුව රියැදුරන් සිදු කරන මාර්ග නීති කඩකිරීම් වලදී එම ලකුණු 24 සම්පූර්ණ කිරීමේ දී අදාළ පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රය අහෝසී වනු ඇති අතර එවැනි පුද්ගලයෙකුට වසරක කාල සීමාවකින් පසු නැවත රියැදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමට සිදු වේ.

අදාළ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් දැනුම් දෙන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාත්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version