Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය ජනවාරි 05 වැනිදා සිට මාස 05 කාලයක් වසයි

ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය ජනවාරි 05 වැනිදා සිට මාස 05 කාලයක් වසයි

ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය ජනවාරි 05 වැනිදා සිට මාස 05 කාලයක් වසයි

උතුරු දුම්රිය මාර්ගයේ අබලන්ව පවතින අනුරාධපුර කන්කසන්තුරය කොටස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ජනවාරි 05 වැනිදා මැදවච්චියේදී ඇරඹෙන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 3300ක වියදමින් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත අතර ඉන්දියාවේ ඉර්කෝන් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.

මාස පහකදී මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ සිට යාපනේ, කන්කසන්තුරේ දක්වා ධාවනය වන උතුරු දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය දුම්රිය සේවයේ සිදුවන දෙවන හැරවුම බවට පත්වනු ඇති බවත් මෙම සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මාස 05 කාලයක් දක්වා ජනවාරි 05 වැනිදා සිට වසා තබන බවද ඇමතිවරයා කීය.

මෙම දුම්රිය මාර්ගයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මාර්ගය වසා දැමීමට සිදුවුවද කොළඹ සිට අනුරාධපුර දක්වා දිනකට දුම්රිය ගමන් වාර පහක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනුරාධපුර සිට ඒකාබද්ධ බස්රථ සේවාවක් මඟින් යාපනය දක්වා ගමන් කිරීමට මඟීන්ට පහසුකම් සළසන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Exit mobile version