Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සහ වත්මන් සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අහෝසියි

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට මෙම සිසුන් දෙදෙනාද සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගත් බවයි නියෝජ්‍ය උපකුලපතිවරයා කීය. එසේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්යා්ලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විධානගේ සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන සිසුන් දෙදෙනාගේය.

මෙම සිසුන් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරත් විනිසුරුවරයාගේ තීරණය වූයේ එසේ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්යු නොවන බවත් ඔවුන් දෙදෙනා සෘජුව මීට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්ය.

මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජනවාරි මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Exit mobile version