Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ කරයි

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මෙම වර්ෂය තුළදී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව ලබන 31වන දින දක්වා වෙනත් පාසල්වල සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම ගුරුවරුන්ට ඉදිරියේදී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබාදෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන ලබන වසරේ මාර්තු මස 24වනදා දක්වා ඔවුන්ගේ අනුයුක්තය දීර්ඝ කෙරෙන බවය.

ඒ අනුව ලබන 31වනදා දක්වා අනුයුක්තව සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවද සදහන් වෙයි.

එම නිවේදනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ පසුගියදා මීට අදාලව නිකුත් කර ඇති ලිපියම ලබන වසරේ මාර්තු 24 වනදා දක්වා බලාත්මක වන බවය.

Exit mobile version