Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ මාසික ආදායම රු.බි 145යි, වියදම රු. බි. 154යි! රටේ මූල්‍ය තත්ත්වය දරුණු මට්ටමක – මුදල් අමාත්‍යාංශ ලේකම්

2022 ඔක්තෝබර් වන විට ඉතිහාසයේ පළමු වරට සමස්ත නොපියවූ රාජ්‍ය ණය රු. බිලියන 25,000ක්

2022 ඔක්තෝබර් වන විට ඉතිහාසයේ පළමු වරට සමස්ත නොපියවූ රාජ්‍ය ණය රු. බිලියන 25,000ක්

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්ති පිළිබඳව (23)වැනි දා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ,

“මාසිකව රු.බිලියන 145ක ආදායමක් ලැබෙනවා. වැටුප් ගෙවන්න රු. බිලියන 93ක්. විශ්‍රාම වැටුප් ගෙවන්න රු. බිලියන 27ක්. සමෘද්ධියට රු. බිලියන 6ක් යනවා. සමාජ සුබසාධනයට විශාල වියදමක් දරනවා. මේ සියල්ල කරන්න ආසන්නව රු. බි. 154ක්. අපිට දළ වශයෙන් ලැබෙන ආදායම රු. බිලියන 145ක් ලැබෙන්නේ. පොලිය, ණය ගෙවීම් සහ අනෙකුත් වියදම් ඊට ඇතුළත් නැහැ. දරුණු මට්ටමක රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතිනවා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. ආදායම එකවර වැඩිකරගත්තා වගේ වියදම අඩුකරන්න බැහැ. අපිට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න තියෙනවා. මේ අර්බුද අවස්ථාවේ දිළිඳු අය ඇතුළු තවත් පිරිස් රැකබලාගැනීමට රජයට මුදල් වියදම් කරන්න වුණා.”

Exit mobile version