Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 10ට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය ඉහළම අගය වාර්තා කරයි

වසර 10ට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය ඉහළම අගය වාර්තා කරයි

වසර 10ට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය වසර දහයකට පසු වාර්තා කළ ඉහළම අගය වාර්තා කිරීමට මෙම වසරේ සමත්ව ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය වසර දහයකට පසු මෙම වසරේදී රුපියල් බිලියන 24.06ක් ලෙස වාර්තා වී තිබේ.

මීට පෙර කොටස් වෙළඳපොලේ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූයේ 2013 වසරේදීය.එම වසරේදී රුපියල් බිලියන 22.07ක් විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳපොළ ලබා ගෙන තිබුණි.

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා කළ වසර ලෙස 2012 වසර සැලකේ. එහිදී රුපියල් බිලියන 38.6ක විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළඳපොළට ලැබී ඇත.

Exit mobile version