Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙසැම්බර් 23 සහ 24 පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ

දෙසැම්බර් 23 සහ 24 පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ

දෙසැම්බර් 23 සහ 24 පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ

දෙසැම්බර් මාසයේ දින දෙකක් පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

දෙසැම්බර් 23 සහ 24 යන දෙදින මෙම විශේෂ අවස්ථාව ලබා දි ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට “පාසල් දරුවෝ පරිසර නියමුවෝ” යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

ලබන 24 වන දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම නත්තල් දිනය යෙදී ඇති ලබන 25 වනදා සත්වෝද්‍යානය තුළ විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවද සඳහන්ය.

Exit mobile version