Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 100ක වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්

කෝටි 100ක වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්

කෝටි 100ක වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්

රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට අමතරව රටපුරා දැනට තිබෙන අධ්‍යාපන කලාප 100 කලාප 120 දක්වා වැඩි කරන බවත්, මෙලෙස අධ්‍යාපන කලාප සංඛ්‍යාව ඉහළ නැංවීමෙන් පසුව ගුරුවරුන්ගේ පරිපාලන ගැටළු විසඳා ගැනීම පහසුවෙන බවත්, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන අධ්‍යාපනවාරයේදී එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවට, බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ (15)වැනි දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය.

 

Exit mobile version