Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අවසන් නොකළ ව්‍යාපෘති සඳහා උපදේශනයට දෙකෝටි විසි ලක්ෂයක්

වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අවසන් නොකළ ව්‍යාපෘති සඳහා උපදේශනයට දෙකෝටි විසි ලක්ෂයක්

වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අවසන් නොකළ ව්‍යාපෘති සඳහා උපදේශනයට දෙකෝටි විසි ලක්ෂයක්

වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයට වැඩපොළක්, නේවාසිකාගාරයක් සහ ආපන ශාලාවක් ඉදිකිරීම සඳහා උපදේශන ගාස්තු ලෙස රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතත් එම ව්‍යාපෘති ආරම්භ කිරීමට (2020 වසර වන විටත්) කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කෙරුණේ 2017 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් අනුවය. ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 92කට වැඩි ප්‍රතිපාදන අනුමත කර තිබූ බවද එහි සඳහන් වේ.

ඉදිකිරීම් සඳහා අයවැයෙන්ද 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා රුපියල් කෝටි 28කට වැඩි මුදලක් වෙන් කරදී තිබුණ අතර උපදේශක ගාස්තු ලෙස පමණක් මින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර විශ්ව විද්‍යාලයේ පීඨ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පෞද්ගලික ආයතනයකට රුපියල් එක්කෝටි හතළිස් පන් ලක්ෂයක පමණ මුදලකට 2016 වර්ෂයේදී ප්‍රදානය කර තිබුණු අතර දින අටකදී වැඩ අවසන් කරන බව දන්වා 2019 සැප්තැම්බර් 12 වැනිදා අත්තිකාරම් ලෙස රුපියල් විසිනව ලක්ෂයකට වැඩි මුදලක් ලබා ගෙන තිබුණද 2020 වර්ෂය අවසානය දක්වාම වැඩ අවසන් කර නොතිබුණු බව විගණන අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳවද විගණනයට පැහැදිලි නොකෙරුණු බව වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version