Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

44,000කට සරසවි වරම්; නව උපාධි පාඨමාලා 65ක් සහ නව පශ්චාත් උපාධි පාඨමාලා 90ක්

උපාධි පිරිනැමීමේ ආයතන 26ක් සඳහා විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට අනුමැතිය

උපාධි පිරිනැමීමේ ආයතන 26ක් සඳහා විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට අනුමැතිය

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් 44000ක් මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභා පති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

2021 උසස් පෙළ විභාගයට සිසුන් 283616 දෙනකු පෙනී සිටි අතර ඉන් සිසුන් 171497 දෙනකු විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ලබා තිබෙන බවද සභාපතිවරයා කියයි.

විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා සිසුන් 91115 දෙනකු ඉල්ලුක් කර තිබූ බවද ඒ අතරින් සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 41228 දෙනකු තොරාගෙන ඇතැයිද සම්පත් අමරතුංග මහතා කියයි.

නව අධ්‍යයන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් අලුතින් හඳුන්වා දුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමපත් අමරතුංග මහතා පවසයි.

විශ්ව විද්‍යාලවලට නව පීඨ 13ක්ද නව අධ්‍යයන අංශ 43ක්ද 2021/22 අධ්‍යයන වර්ෂය සඳහා අලුතින් ආරම්භකර තිබෙන බවද සම්පත් අමරතුංග මහයතා සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූලික ආර්ථික විද්‍යාව සහ නිර්මාණත්වක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය යන උපාධි පාඨමාලා අලුතින් ආරම්භ කළ අතර එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් පාඨමාලා දෙකට සිසුන් 100 දෙනකු ඇතුළත් කර ගන්නා බවද අමරතුංග මහතා කියයි.

Exit mobile version