Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සරළ කිරීමට නව චක්‍රලේඛයක්

දිස්ත්‍රික්ක හා ප්‍රා දේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය ලිහිල් කිරීමේ අරමුණෙන් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව මෙම ලියාපදිංචිය කල්ගතවන හා වියදම් අධික ක්‍රමවේදයක් වන බැවින් එය සරළ කිරීම සඳහා නව චක්‍රලේඛයෙන් පියවර ගෙන ඇත.

දිස්ත්‍රික්ක හා ප්‍රා දේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන අතරින් බහුතරය අවමංගල්‍යාධාර සමිති හා සුබසාධන සමිති වැනි ආයතනයි. එවැනි සංවිධානවල ලියාපදිචිය කාර්යක්ෂම කිරීමට හා වියදම් අවම කිරීම සඳහා අදාල චක්‍රලේඛය නිකුත් කළ බවට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version