Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්මාන රැසක්

සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්මාන රැසක්

සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්මාන රැසක්

සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලිය (Calinary World Cup – 2022) නියෝජනය කළ ශ්‍රී ලාංකික සූපවේදීන් 11 දෙනෙකු රන් පදක්කම් 06ක්, රීදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 09ක් දිනාගැනීමට සමත්වී තිබේ. ඔවුන් (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.

මෙම තරගාවලිය පසුගිය නොවැම්බර් මාසයේදී රටවල් 55ක් නියෝජනය කළ සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් ලක්සම්බර්ග් හිදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ දිමුතු කුමාරසිංහ මහතායි.

තරගාවලිය තුළ උණුසුම් ආහාර සැකසීම (Hot Cooking) සහ ප්‍රේස්ට්‍රි (Pestri) යන අංශ වල ආහාර පිළියෙල කිරීමේ ඉසව්වලදී වැඩි දක්ෂතා දැක්වීමට තම කණ්ඩායමට හැකිවූ බව සූපවේදී දිමුතු කුමාරසිංහ මහතා පවසයි.

මෙම ජයග්‍රහණයත් සමග ලෝකයේ සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හැකි වන බැවින් මෙම ජයග්‍රහණයන් අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බෙහෙවින් උපකාර වන බවද ඔහු සදහන් කළේය.

තරගාවලිය නියෝජනය කිරීම සදහා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය නියෝජනය කරන සූපවේදීහු 07 දෙනෙක්, ෂැංග්‍රිල්ලා හෝටලය නියෝජනය කරන සූපවේදීහු තිදෙනෙක් සහ බාරෝස් හෝටලය නියෝජනය කරන එක් සූපවේදියෙක් සහභාගී විය.

Exit mobile version