Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය අරක්ෂක තනතුරට සුදුසුකම් ලැබූ 178 දෙනකුට තවමත් පත්වීම් ලිපි බාර නොදෙන්නේ ඇයි?

දුම්රියේ අරක්ෂක තනතුරු පුරප්පාඩු 200ක්, 178 දෙනකුගේ පත්වීම් ලිපි අතර මග

දුම්රියේ අරක්ෂක තනතුරු පුරප්පාඩු 200ක්, 178 දෙනකුගේ පත්වීම් ලිපි අතර මග

දුම්රිය ආරක්ෂක හමුදාවට අලුතින් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරඟ විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ 178 දෙනකු තෝරාගෙන වසර දෙකක් පමණ ගතවි ඇතත් ඔවුනට පත්වීම් ලිපි ලබාදීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් දැනටමත් ආරක්ෂක නිලධාරීන් 200කට වැඩි පුරප්පාඩු පවතින දුම්රිය ආරක්ෂක සේවය පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතාවයක් පැන නැඟී ඇතැයිද දැනගන්නට ඇත.

මෙම 178 දෙනාට පත්වීම් ලිපි පවා සකස්කර දුම්රිය දෙපාර්තමේන්තුවේ පත්වීම් ශාඛාවේ රඳවාගෙන තිබෙන බවත් එම පත්වීම් ලිපි 178 දෙනා වෙත යැවීම සඳහා තැපෑලට බාර නොදෙන්නේ මුදල් අමාත්‍යංශයේ නියෝගයක් නිසා බව මේ සම්බන්දව කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරයෙක් පැවැසීය.

දුම්රිය ආරක්ෂක හමුදාවේ පවතින පුරප්පාඩු 200කට වැඩි සංඛ්‍යාවක් පිරවීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද මෙම තරඟ විභාගයට 11100ක් පමණ පිරිසක් පෙනී සිටි අතර ඉන් ඉහළම ලකුණු ලබාගත් 360 කින් සම්මුඛ පරික්ෂණයකට යොමු කොට මෙම 178 දෙනා තෝරා ගෙන තිබේ.

මෙම තරඟවිභාගයට රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.

Exit mobile version