Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර ගල් අඟුරු ගැනීමේදී විශාල බාධා – ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක්

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 6.4ක් මෙතෙක් ලැබී නෑ

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 6.4ක් මෙතෙක් ලැබී නෑ

මෙවර ගල් අඟුරු ගැනීමේදී විශාල බාධක ප්‍රමාණයක් පැවතියද කෙසේ හෝ නැව් වාර 35ක ප්‍රමාණයක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, 2022 -23 වාරය සඳහා මේ වන විට නැව් වාර හතරක් දැනටමත් සැපයුම් කටයුතු අවසන් කර ඇති අතර පස්වන නැව් වාරය පුත්තලම නැංගුරම දක්වා යාත්‍රා කරමින් පවතින අතර එය දෙසැම්බර් 8වන දින වනවිට පැමිණීමට නියමිතව ඇති.

මේ වන විට යවන යාත්‍රාව ද මූලික ගෙවීම් කිරීමෙන් අනතුරුව පැටවීමට අවශ්‍ය කටයුතු කර කරමින් පවතින බවද එහි සඳහන්.

Exit mobile version