Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරම්පරික වී වර්ග ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශයෙන්

පාරම්පරික වී වර්ග ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාවට නංවයි

පාරම්පරික වී වර්ග ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාවට නංවයි

පාරම්පරික වී වර්ග ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාවට නංවා තිබෙනවා. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිගැන්වීමේ වැඩපිලිවෙලට සමගාමීවයි මෙය ක්‍රියාත්මක වෙයි.

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට මේ වන විටත් විශාල පිරිසක් එක්ව සිටී. එම පිරිස් අතර පාරම්පරික වී ප්‍රචලිත කර එම වී වගාවට ඔවුන් නැඹුරු කරවීම අරමුණු කරගනිමින් පාරම්පරික වී ප්‍රචලිත කිරීම ආරම්භ කර ඇත. මෙරටට ආවේනික පච්චපෙරුමාල්, කහවන, මඩතවාලු, සුවදැල්, ගෝනබරු, උණකොලසම්බා, කලු හීනටි ආදී දුර්ලභ වී වර්ග මෙසේ ප්‍රචලිත කිරීමට කටයුතු සම්පාදනය කර ඇත්තේ. එමෙන්ම එවැනි වී වර්ග 100ක් පමණ පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බුලත්සිංහල උතුර ගොවි සංවිධානයේ මෙහෙයවීමෙන් පාරම්පරික වී වර්ග 50ක් සිටුවීම උතුර කොහිලවල වෙල්යායේදී, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා මහතා ඇතුළු පිරිසකගේ සහභාගීතවයෙන් සිදු කෙරිණි.

Exit mobile version