Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව 6වන තැනට! නවතම ලෝක බැංකු වාර්තාව පවසයි

උද්ධමනය යළි ඉහළට

උද්ධමනය යළි ඉහළට

ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි වාර්තා වන අතරම, එම දත්තවලට අනුව මෙරට ආහාර උද්දමනය 86% කි.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

එම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහළින් සිටීම විශේෂත්වයකි. මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙලින් අටවෙනි සහ නවවෙනි ස්ථානය දිනාගෙන ඇති අතර එම රටවල ආහාර උද්ධමනය පිළිවෙලින් 41%ක් සහ 40%ක් වේ.

ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය 321%කි.

එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් 208%ක් සහ 158%ක් වේ.

Exit mobile version